Friday, April 26, 2024

General line - 0115112241

කලකට පසු නටඹුන් මතක් වී ගමක් ඉල්ලයි (PHOTOS)

දිනසේන රතුගමගේ




මන්නාරමේ  මනන්තිපිට්ටි ගම්මානයේ වෙසෙන පවුල් 69 කට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැණුම් දී තිබෙනවා.

2000 වසරේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදේශය නටබුන් සහිත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන ඇති නිසා එම වැසියන්ට එම පළාත අතහැර වෙනත් පළාතකට යාමට සිදුවන බවයි පුරා විද්‍යා නිලධාරීන් දැනුම් දී ඇත්තේ.

මෙම ඉඩම්වල මින් ඉදිරියට කිසිඳු වගාවක් නොකරණ ලෙසත් ස්ථිර ගස් සිටුවීමෙන් වළකින ලෙසත් පුරා විද්‍යා නිලධාරීන් ගම්වැසියන්ට දැණුම් දී තිබෙනවා.

නමුත් එම ගම්මානයේ වැසියන් පවසන්නේ ඔවුන් වසර 40 ක සිට මෙම ගම්මානයේ පදිංචිව සිටින්නේ බලපත්‍ර සහිතව ඉඩම් ලබා දීමෙන් පසුව බවයි.

මේ වන විට රජයේ පාසලක්ද තම ගම්මානයේ ඉදි කොට පවත්වාගෙන යන බවත් පෙන්වා දෙනවා. එහි සිසුන් 100 ක් පමණ අධ්‍යානපනය ලබන බවත් පාසල මන්නාරමේ මුරුන්කන් ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන බවත් සඳහන් කර තිබෙනවා.

රජයෙන් මෙම ඉඩම් ලබා දී ගම් වැසියන් පදිංචිවන තුරු පුරාවිද්‍යා නිලධාරීන් සිටියේ කොහේදැයි ගම්වැසියන් වැඩි දුරටත් ප්‍රශ්න කරනවා.