Friday, April 26, 2024

General line - 0115112241

හිටපු අගමැතිණියට සිර දඬුවම්




බංග්ලාදේශ විපක්ෂ නායිකාව මෙන්ම හිටපු අග‍්‍රාමාත්‍යවරියක් ද වන කලීඩා ශියා හට වසර 05ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, ඇයට එරෙහි දූෂණ චෝදනා හේතුවෙන්. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි අධිකරණයේ දී අද (08) මෙම දඬුවම ලබාදුන්නා. ළමා අරමුදලකට ලද ජාත්‍යන්තර ආධාර වංචා කළ බවටයි ඇයට චෝදනා එල්ල වී ඇත්තේ.

කලීඩා ශියා වංචා කර ඇති බව පැවසෙන මුදල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක්.

කෙසේ වෙතත් හැත්තෑ දෙහැවිරිදි කලීඩා ශියා තමන්ට එරෙහි සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. මෙය දේශපාලන පලිගැනීමක් බවයි ඇය පවසන්නේ.  

මේ අතර කලීඩා ශියාට එරෙහිව ලබාදුන් සිර දඬුවමෙන් පසු බංග්ලාදේශයේ ප‍්‍රදේශ රැසක ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වන බව විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා.