Saturday, April 27, 2024

General line - 0115112241

උතුරේ ඡන්ද සූදානම මෙන්න (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




මෙවර පැවත්වෙන පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් උතුරේ සියලු ඡන්ද මධ්‍යස්ථාන සූදානම් බවට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් පවසනවා.

මැතිවරණ රාජකාරි කටයුතු වෙනුවෙන් රජයේ නිලධාරීන් 2000 කට ආසන්න පිරිසක් රාජකාරී කටයුතු වලට යොමු කොට ඇති අතර වන්නි පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ අධික්ෂණයන් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 1500 කට ආසන්න පිරිසකගෙන්  ආරක්ෂාව සපයා ඇති බවටද වව්නියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

අද (09) උදෑසන වව්නියාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන වෙතට ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරුයි මේ.