Friday, April 26, 2024

General line - 0115112241

TNAට උතුරෙන් කොළ එළියක්

වසන්ත පිවිතුරු




පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව උතුරු පළාතේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂවලට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. එම නිසා එම පළාතේ සියළුම දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවත්වෙමින් තිබෙනවා. ඒ අනුව ඊපීඩීපී පක්ෂය අද (13) සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

උතුරු පළාතට අයත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා තමන් දෙමළ ජාතික සන්ධානයට සහාය ලබාදෙන බව nethnews.lk වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද කියා සිටියා.

ඔහු පැවසුවේ මාස 6ක කොන්දේසියක් මත ඊපීඩීපී පක්ෂය දෙමළ ජාතික සන්ධානයට බලය පිහිටුවීම සඳහා සහාය ලබාදෙන  බවයි.

ඒ අනුව උතුරේ පරිපාලනයේ යහපත් ප්‍රවණතාවක් ඇති වන්නේ නම් තමන්ගේ කොන්දේසිය ඉවත් කරගෙන ඉදිරියටත් සහාය ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද nethnews.lk වෙත කියා සිටියා.

තම පක්ෂය මෙම තීරණය ගත්තේ උතුරේ ජන ජීවිත නඟා සිටුවීමේ අරමුණින් බවයි nethnews.lk කළ විමසීමක දී ඔහු කියා සිටියේ.