Friday, April 26, 2024

General line - 0115112241

"එහෙම යන්න අපි ඉඩ දෙන්නේ නෑ" - කමිටුව ගැන එජාප පසුපෙළ මන්ත්‍රිවරු කළබල වෙයි

නිශාන් ද සිල්වා




යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට කමිටුවක් පත් කිරිමේ තීරණය පිළිබඳ තමන්ට පැහැදීමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි පවසනවා.

එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හෝ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිපත්ති මත පමණක් කි‍්‍රයාත්මක වන ආණ්ඩුවක් බිහිකිරීමට එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ති‍්‍රවරුන් තවදුරටත් සටන් කරන බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එහිදී "එහෙම හරියන්නේ නෑ..එහෙම ප්‍රශ්නයක් මතු වුණොත් අපි අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.. අපිට ඕනේ ජනතාව ඉල්ලන දේ දෙන්න. ජනතාවට වැඩ කරන්නේ නැතුව අපේම ආණ්ඩුවේ ඉඳගෙන අපිවම හෑල්ලුවට ලක් කරන කණ්ඩායමක් එක්ක අපිට වැඩ කරන්න බෑ. මින් පස්සේ අපිට නරකයි..අනෙක් අයට හොඳයි..එහෙම යන්න බෑ..එහෙම යන්න අපි ඉඩ දෙන්නෙත් නෑ. ඔය කමිටුව ගැන ශත පහක විශ්වාසයක් නෑ. යහපාලන ආණ්ඩුව යනවා නම් ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති උඩයි. නැත්නම් මේ එක එක්කෙනාගේ වැඩසටහන්වලට යන්න බෑ. පරණ විදිහට යන්න ගියොත් අපි බලමු මොකද කරන්නේ කියලා.." යනුවෙන් සඳහන් කළා.