Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි තැබීමක් - 13ක් මරුට




ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු 19 වැනි වියේ පසුවන පුද්ගලයෙකු බවත් ඔහු පාසලෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු බවත් එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

අමෙරිකාවේ 2012 වසරේ පාසලක වෙඩි තැබීමකදී ළමුන් 20 දෙනෙකු මියයාමෙන් අනතුරුව මෙය මෙතෙක් වාර්තා වූ පාසලක වෙඩි තැබීමේ සිද්ධියක් ලෙස සැළකෙනවා.