Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍යවරුන් 75ක්..පැය 7ක සැත්කමක් - සාර්ථක වෙන්වීමක් (PHOTOS)




අමෙරිකාවේ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉතාමත් සාර්ථකව දෙබිඩි දරුවන් දෙදෙනෙකු පැය 7ක සැත්කමකින් පසු වෙන්කිරිමට සමත් වුණා.

2016 වසරේ දෙසැම්බර් මස උපත ලැබු මෙම දරුවන්ගේ පපුව සහ උදරය පමණක් එකට ඇලී තිබු අතර ශරිරයේ අනෙකුත් කොටස් වෙන් වෙන් වශයෙන් පිහිටා තිබුණා.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ළමා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සැත්කම ඉතාමත් සාර්ථකව සිදු කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

එම වෛද්‍ය කණ්ඩයමට වෛද්‍යවරුන් 75 දෙනෙකු ඇතුළත්.

අන්නා සහ රිචර් නම් මෙම ගැහැණු දරුවන් දෙදෙනා සැත්කමින් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්ත ළමා රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර තවත් මසක් ඇතුළත මෙම දැරියන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු ඇති බවයි වෛද්‍යවරුන් විශ්වාසය පල කර සිටින්නේ.

කෙසේ වෙතත් 2013 වසරේ ලොව අවදානය තමන් දෙසට ඇද ගනිමන් දෙබිඩි යුවතියන් දෙදෙනෙකු සැත්කමක් මගින් වෙන්වීමට තීරණය කළා.

ලාඩන් සහ ලාලේ නම් මෙම යුවතියන් දෙදෙනා 1975 වසරේ උපත ලබා තිබු අතර වසර 29 හිසෙන් බද්ධවී ජීවත් වුණා.

ලාඩන් නීති විද්‍යාව හදාරා නීතිඥවරියෙකු ලෙස උපාධිය ලබා ගත්තා. ඇයගේ සොහොයුරිය මාධ්‍ය සම්බන්ධයෙන් උපාධියක් ලබාගෙන ඉරානයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළා.

මෙහිදී ලාඩන්ට සහ ලාලේට දෙදෙනා හදාරන විෂයන් සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිතර වන්නට සිදුවුණා.

ලාඩන් නීති විද්‍යාලයට යන විට ලාලේට ද, ලාලේ ජනමාධ්‍ය විද්‍යාලයට යන විට ලාඩන්ට ද ඊට සහභාගී වීමට සිදුවුණේ ඔවුන් මනසින් වෙන්ව සිටියද හිසින් බද්ධ වී සිටිම නිසායි.

කුඩා වියේ සිට උපාධිය ලබා ගන්නා තුරු දෙදෙනා හිසෙන් බද්ධ වී ජීවත් වූ අතර පසුව දෙදෙනාම වෙන්වන්නට තීරණය කළා.

වෙන්වී දෙදෙනාම යුග දිවියට එක්වීමටයි මෙම දෙබිඩි යුවතියන් සිහින දුටුවේ.

කෙසේ වෙතත් 2013 වසරේ ජුලි මස 8 වන දින මේ දෙබිඩි සහෝදරියන් දෙදෙනා වෙන් කිරිම සඳහා සිංගප්පුරුවේ දී සිදු කළ සැත්කමක දී  ජීවිතක්ෂයට පත්වුණා.

හිසෙහි අධික රුධිරය තැන්පත් වීමේන් ප්‍රථමයෙන් ලාලේ ජීවිතයෙන් සමුදුන් අතර ඉන් පැය කිහිපයකට පසු ලාඩන් ද ජීවිතයෙන් සමුගත්තා.