Saturday, April 27, 2024

General line - 0115112241

අගමැති අදත් එජාපය සමග සාකච්ඡා කරයි - විශේෂ අවදානයක් යොමු කෙරෙන කරුණු මෙන්න

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අදත් (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එ් අරලියගහ මන්දිරයේදීයි.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ආණ්ඩුවේ බහුතරය ගොඩනගා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවද හෙට (19) රැස්වීමට නියමිත අතර එ් පිළිබඳවද අද දිනයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර වත්මන් ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව මහනුවරදී මාධ්‍ය අමතමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙලෙස අදහස් දැක්වූවා.

"ජනතාව අපිට හොඳ පණිවුඩයක් දීලා තියෙනවා. ඒ අනුව සිදුවිය යුතු වෙනස්කම් හඳුනාගෙන තියෙනවා. රෝගය උඩු දුවන්න කලින් රෝග ලක්ෂණ හඳුනා ගත්තා. ඒ අනුව වෙනස්කම් සිදු කරනවා. ඒවා ජනතාවට දකින්න විතරක් නෙමෙයි දැනෙන්නත් ගනී."

ඉදිරියේදී ආණ්ඩුවේ විශාල වෙනස්කම්ද සිදුවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.