Tuesday, March 19, 2024

General line - 0115112241

ජනපති සහ අගමැතිගේ හැසිරීමෙන් 'ජවිපෙ'ට සැක

ඩිල්ෂාන් තුෂාර




පළාත් පාලන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලය හරහා රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට රටේ නායකයින් සිය කණ්ඩායම්වල ප‍්‍රශ්න විසඳා ගැනීමට උත්සහ දරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න කියා සිටියේ රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිය මතය ඍජුව ප‍්‍රකාශ කළ යුතු බවයි.

"අගමැතිගේ ප්‍රකාශ ගත්තාමත් අපිට පේන්නේ බය වෙච්ච ස්වභාවයක්. ඒ වගේම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ජනාධිපතිවරයා ජනතාව හමුවේ තාම තමන්ගේ මතය ඝෘජුව පැහැදිළි කරලා නැහැ. මේවා වලින් අපිට පෙනී යන්නේ රට යම් බරපතල තත්ත්වයකට මුහුණ පාන ස්වභාවයක් තියෙනවා කියලයි."