Friday, April 26, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරු දැඩි ස්ථාවරයක - අද පාර්ලිමේන්තුවේ කටයුතු කරන හැටි ඊයේ එකඟ වෙයි

හේමන්ත කහවලගේ




අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍ර කණ්ඩායම අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) රැස්වුණා.

ඒ, අරලිය ගහ මන්දිරයේදීයි.

එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන සඳහන් කළේ "අද දිනයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අපි කටයුතු කරනවා. ඒ වගේම මෙම පාර්ලිමේන්තු රැස්වීමට සෑම මන්ත්‍රිවරයෙකුටම සහභාගි වෙලා ඒ කටයුතුවලට සහයෝගය දෙන්න කියලා කිව්වා" යනුවෙනි.

පවතින දේශපාලන අර්බුධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්තී‍්‍රවරයෙකු පිල් මාරුවක් සිදු නොකරන බවට සහතික වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"අවශ්‍ය ප්‍රතිසංවිධාන සිදු කරලා මේ ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්ත්‍රිවරයෙක් වෙනත් කිසිඳු පක්ෂයකට පාටකට සහයෝගය දෙන්නෙ නෑ කියන දැඩි ස්ථාවරය මන්ත්‍රිවරු ප්‍රකාශ කර සිටියා."