Saturday, April 27, 2024

General line - 0115112241

කොකේන් ගිල මෙරටට පැමිණි බ‍්‍රසීල ජාතිකයා රිමාන්ඞ්

ටී කේ ජී කපිල - කටුනායක




ශ‍්‍රී ලංකාවට පැමිණි බ‍්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබූ සියලූ මත්ද්‍රව්‍ය කරල් අද (19) ඉවතට ගැණුනා. ඒ, මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් විසින්. සැකකරුගේ උදරයේ මත්ද්‍රව්‍ය කරල් 70ක් තිබූ බවයි වෛද්‍යවරුන් පැවසුවේ.

ඒවායේ අඩංගුව තිබූ කොකේන් ප‍්‍රමාණය ග‍්‍රෑම් 690ක්. සැකකාර බ‍්‍රසීල ජාතිකයා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.