Saturday, April 27, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අනාගතය සැළසුම් කරයි

හේමන්ත කහවලගේ




ඉදිරි පළාත් සභා මැතිවරණය සහ 2020 ජනාධිපතිවරණය ඉල්කක කරගෙන සැළසුම් ක‍්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (19) රැස්වූ අවස්ථාවේදීයි.

ආණ්ඩු වෙනසක් සිදු කිරීමට නොහැකි නම් ජනතාව වෙනුවෙන් තවදුරටත් පාර්ලිිමේන්තුවේදී හඬ නැගිය යුතු බවයි සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා මෙහිදි සඳහන් කර ඇත්තේ.

වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ද සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශය අනුමත කර තිබෙනවා.