Friday, April 26, 2024

General line - 0115112241

ශිවාජිලිංගම් නාවික කඳවුර ඉදිරිපිට පඹයකු පුච්චා යකා නටයි (PHOTOS)

මාධව කුලසූරිය/ රොමේෂ් මධුශංක




මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 600 කට අධික ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන්ට ලබාදෙන මෙන් ඉල්ලා ඊයේ (22) වට්ටුවාක්කල් පාලම මත සංවිධානය කරන ලද උද්ඝෝෂණයක වැසියන් උණුසුම්ව හැසිර ඇති අතර මිණින්දොරු වාහනයකටද අලාභහානි සිදු කොට ඇත.

වට්ටුවාක්කල් නාවික හමුදා කඳවුර ඇතුලු භූමිය සාමාන්ය  ජනතාවට ලබා දෙන මෙන් මීට අස්ථා කිහිපයකදීම වට්ටුවාක්කල් වැසියන් පිරිසක් උද්ඝෝෂණය කළ අතර ඊයේ දිනයේද වට්ටුවාක්කල් පාලම අතුලු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙනුවෙන් මිණින්දොරු කණ්ඩායමක් පැමිණි අවස්ථවේදී මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලංගම්ද  මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අතර එහිදී ඔහු ඇතුලු පිරිසක් පොලීසියට හා නාවික හමුදාවට විරෝධය පාමින් මුලතිව් පුදුකුඩිඉරිපුපු  ප්‍රධාන මාර්ගය වැටී ඇති වට්ටුවාක්කල් පාලම මත හිඳ ගනිමින් මාර්ගයේ වාහන ගමනා ගමනය නැවතූ අතර පසුව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පඹයෙකු නාවික හමුදා කඳවුරු පිවිසුම් දොරටුවට සමීපයට රැගෙන ගොස් ගිනි තැබුවා.

අනතුරුව එම අවස්ථාවට පැමිණි මිණින්දෝරුවන් හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශ නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක් පැවති අතර එහිදී එම නිලධාරීන් විසින් උද්ඝෝෂකයින් විසින් දැනම් දී ඇත්තේ අදාල නාවික හමුදා කඳවුරු භූමියේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොමැති අතරම වැඩි ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් බැවින් නීතිමය පියවර ගන්නා බවයි.

නමුත් එහිදී උද්ඝෝෂකයින් විසින් මිණින්දොරුවන් පැමිණි වාහනයකට පහර දී අලාභහානි සිදු කොට ඇති අතරම මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වාහනයකටද ගමන් කිරීමට නොදී සිට ඇති අතර පසුව මුලතිව් පොලීසියේ මැදිහත් වීමෙන් අදාල ඉඩම් ගැටලුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාල නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබාගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.