Saturday, April 27, 2024

General line - 0115112241

නිදහස් කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය (PHOTO) (UPDATE)

කසුන් කැලුම්




 

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව සහභාගිවන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය හිමිවුණා.

ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු අවසන්  15 දෙනාගේ සංචිතය අද (28) නම්කර තිබෙනවා.

එම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර නොමැති අතර ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල  ද අවසන් සංචිතයට ඇතුලත් කර නැහැ.

කෙසේ වෙතත් ආබාධය සුව වීමෙන් අනතුරුව කුසල් ජනිත් නැවත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

----------------

නිදහස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි (27-02-2018 17:27)

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත්, 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.  

එහි අවසන් 15 දෙනා නම් කිරීම හෙට (28) දින සිදුකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සංචිතයට ආබාධයට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැහැ. එමෙන්ම වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ද සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්. ආබාධයට ලක්වූ අසේල ගුණරත්න හා ශෙහාන් මධුසංඛ ද සංචිතයට එක්කර නැහැ. 

මේ අතර ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර හා නුවන් ප‍්‍රදීප් ද සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.