Saturday, April 27, 2024

General line - 0115112241

නන්දිකඩාල් කලපුවේ අනතුරු ඇඟවීමේ කොඩියක් ඔසවයි

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව්ල වට්ටුවාකල් පාසල ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ (01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා. ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා ඇති බවයි.

යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර් 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් කොට නොතිබීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් බව ජනතාව පවසනවා. කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසයි ජනතාව ඉල්ලා සිටිතන්නේ.