Friday, April 26, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල්ගේ බාල සහෝදරයා පාසල් ක්‍රිකට් පිටිය හොල්ලයි

කසුන් කැලුම්




කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැති 89 වන සුලෝහිත සංග‍්‍රාමය ඊයේ (04) ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

එහිදී ආනන්ද කණ්ඩායම වෙනුවෙන් කමේෂ් නිර්මාල් ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක දිනේෂ් චන්දිමාල්ගේ සහෝදරයායි. 

එම ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් දැක්වූ දකුණත් පිතිකරු කමේෂ් නිර්මාල් හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිනේෂ් චන්දිමාල්ගේ බාල සහෝදරයා සුලෝහිත සංග්‍රාම වාර්තා පොත් අතරටද රැගෙන ගියා. ඒ අනුව එම වාර්තා පොත් අතර තම නම ඔහු එක් කළේ නොදැවී ශතකයක් වාර්තා කරමින්.

ඔහුගේ වැඩිමල් සොයුරු දිනේෂ් චන්දිමාල් ද මීට ප්‍රථම 2009 වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේ දී ශතකයක් වාර්තා කරමින් වාර්තා පොත් සැරසූ අතර ඊට වසර 9කට පසුව එක්වූ මෙම ශතකය හේතුවෙන් අයියා-මලෝ දෙදෙනෙක් සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ශතක ලබා ගත් දුර්ලභ අවස්ථාව උදාකර ගත්තා.

ආනන්ද විද්‍යාලය -  පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (55.0) ලහිරු හිරන්‍ය 58, දමින්ද රෙෂාන් 24, චාමික ගුණසේකර නොදැවී 18, සුහඟ විජේවර්ධන 6/52, චමිඳු විජේසිංහ 4/33.

නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම සියලුම දෙනා දැවි 213 (64.3) ලක්ෂිත රසාංජන 60, අවිශ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පොළ 23, රවීන් ද සිල්වා 35, මහිම වීරකෝන් නොදැවී 20,  ගිහාන් විශ්වජිත් 3/38, ශමල් හිරුෂාන් 2/24, අසෙල් සිගේරා 3/37.

ආනන්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 252 (60.0) කවිශ්ක රන්තිලක 25, දුෂ්මන් හෙට්ටිගේ 23, කමේෂ් නිර්මාල් නොදැවී 100, අසෙල් සිගේරා 46, ලහිරු හිරන්‍ය 33, උමෙක්ෂ දිල්ශාන් 3/38.