Saturday, April 27, 2024

General line - 0115112241

OIC එපා කියා මහ පාරේ නිදා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවිමක් ලබා දෙන්නයි ඉල්ලමින් මහනුවර දිස්ති‍්‍රක් එජාප පාර්ලිෙමින්තු මන්ති‍්‍ර ආනන්ද අලූත්ගමගේ නාවලපිටිය පොලිසිය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මත නිදාගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

නාවලපිටිය-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ සුදු ඉර මත අද (10) අළුයම 5:00 ට පමණ ආරම්භ කල විරෝධතාවය නිසා පැය දෙකක පමන කාලයක්  එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සදහා විකල්ප මාර්ග ලබා දීමට නාවලපිටිය පොලිසිය කටයුතු කර තිබුණු බව අප වාර්තාකරු පවසනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින් පැමිණ මන්ත්‍රීවරයා සමග සාකච්ජා කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන තුරු තම විරෝධතාවය අත්නොහරින බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුනා.