Saturday, April 27, 2024

General line - 0115112241

කැලයක් මැද LTTE සන්නිවේදන කුළුණක් හමුවෙයි (UPDATE)

දිනසේන රතුගමගේ




එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරණ ලද සන්නිවේදන කුළුණක් බවට සැක කෙරෙන කුළුණක් කිළිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

එම කුළුණේ VHF හා UHF යන තරංග මාලා දෙකම භාවිත කල බව විශ්වාස කෙරෙන අතර 2009 වසර දක්වාම මෙම කුළුණ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ සන්නිවේදන කටයුතු හා රූපවාහිනී, ගුවන් විදුලි විකාශන කටයුතුද  සිදුකරගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පවත්වාගෙන යන ලද රූපවාහිනී මධ්‍යස්ථානය හා කොටි හඬ ගුවන් විදුලි මධ්‍යධස්ථානය අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ විසින් අත්පත් කරගන්නා ලද්දේ ද මෙම ප්‍රදේශයේදීයි.

නමුත් කිළිනොච්චිය කණ්ඩාවලෙයි කැළයේ පිහිටා තිබුණු මෙම සන්නිවේදන කුළුණ ඒ දිනවල ආරක්ෂක අංශවලට හමු වී නොමැති බවයි වාර්තා වෙන්නේ.