Friday, April 26, 2024

General line - 0115112241

චීන ජනපතිට ජීවිතාන්තය දක්වා ජනපතිධුරය




ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග‍්‍රසය තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් ජනාධිපති සී ජින් පින් හට සිය ජිවිතය තිබෙන තුරු චීනයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවනවා. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග‍්‍රසය අද ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 2,964ක් ප‍්‍රකාශ වුණා. විපක්ෂව ප‍්‍රකාශ වී තිබුණේ ඡන්ද දෙකක් පමණයි. සභිකයින් තිදෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

 මෙම ඓතිහාසික තීන්දුවත් සමග 1990 වසරේ සිට කි‍්‍රයාත්මක චීන ජනාධිපතිවරයෙකුගේ ද්විත්ව ධූර කාලය අහෝසිවී යනු ඇති.