Saturday, April 27, 2024

General line - 0115112241

වැස්ස බාධා කළ තරගය ඉන්දියාව ජය ගනී (UPDATE)




නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව ඊයේ (12) සමත්වුණා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙපිලටම හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 19 ක්.

කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස්කරගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. 

මෙම තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව තරග දෙකක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා. 

තරගාවලියේ මීළග තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (14) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

---------------------------------------------

153 ඉළක්කයක් ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය අවසන් කරයි (UPDATE)

(12-03-2018 22:06)

 

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අද (12) දින තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට 153 ක ඉළක්කයක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම පන්දු රැකීමට තීරණය කිරිමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඬුළු 09 දැවී ලකුණු 152 ලබාගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක් රැස් කළ අතර උපුල් තරංග ලබාගත් ලකුණු සංඛ්‍යාව 22ක්.

තවත් නොබෝ වේලාවකින් සිය පිළිතුරු ඉනිම සඳහා ඉන්දිය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

-----------------------

ශ්‍රී ලංකාව 53/2 (12-03-2018 20:49)

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අද (12) දින තරගයේ දී මේවන විට පන්දුවර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 53 ලබාගෙන සිටිනවා.

තරගයේ කාසියේ වාසිය ඉන්දිය කණ්ඩායමට හිමි වු අතර ඔවුන් පන්දු රැකීමටයි තීරණය කළේ.

--------------------

කාසියේ වාසිය ඉන්දියාවට.. මුලින් පන්දු රකින්න තීරණය කරයි (12-03-2018 20:10)

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අද (12) දින තරගයේ කාසියේ වාසිය ඉන්දිය කණ්ඩායමට හිමි වු අතර ඔවුන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් නොබෝ වේලාවකින් පන්දුවට පහර දීමට නියමිතයි.

කෙසේ වෙතත් අද (12) පැවත්වීමට නියමිත තරගය ආරම්භ කිරිම මදක් ප්‍රමාද වුණේ පවතින වරුසා සහිත කාලගුණය හේතුවෙන්.

-------------------

නිදහස් කුසලාන අද තරගය ප්‍රමාද වන ලකුණු (12-03-2018 19:00)

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අද (12) දින තරගයට වරුසාව හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා.

අද දින තරගය ආරම්භ වීම මදක් ප්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ.

--------------------

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරගයක් අද (12-03-2018 08:44)

නිදහස් කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව සහභාගි වන තීරණාත්මක තරගය අද (12) පැවැත්වෙනවා.

රාතී‍්‍ර 7.00 ට තරගය ආරම්භ වන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි.

කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජය ගෙන සිටිනවා. ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිම සදහා අද තරගය ජය ගැනීම දෙපිළටම අතිශය වැදගත්. 

ශී‍්‍ර ලංකාව අද තරගයට එක්වන්නේ නව නායකයෙක් යටතේයි. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේදී නියමිත කාලසීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරිමේ චෝදනාවට තරගාවලියේ ඉදිරි තරග දෙකක් දිනේෂ් චන්දිමාල්ට අහිමිවීම හේතුවෙන්. ඒ අනුව අද තරගයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ තිසර පෙරේරායි.