Saturday, April 27, 2024

General line - 0115112241

ඇවන්ට් ගාර්ඞ් නඩුවේ ප්‍රතිශෝධනය සලකා බලන්න දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




ඇවන්ට් ගාර්ඞ් ගණුදෙනුවට අදාළව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම මාර්තු මස 22 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මීට අමතරව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරනය ලබා දුන් තීන්දුවක් ද අත්හිටුවන ලෙසටයි මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

ඇවන්ට්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු අලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ.

නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවය ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.