Saturday, April 27, 2024

General line - 0115112241

Facebook එකට නව නීතී - අගමැති කියයි




ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවා. කොළඹ ඉසිපතන විද්‍යාලයේ, පිහිණුම් තටාකය විවෘත කිරීම සඳහා අද (14) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

"මේ අංශ ගැන යම් අධීක්ෂණයක් කරන්න, ක්‍රියාත්මක වෙන්න මාර්ගයක් තියෙන්න ඕන. අපි මීට ඉස්සෙල්ල ෆේස්බුක් එකට දන්වද්දී සීග්‍රයෙන් ක්‍රියා කරලා නැහැ. ඒ නිසා ෆේස්බුක් නියෝජිතයන් ලංකාවට එනවා මේ ගැන සාකච්ඡා කරන්න" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත්පැවසුවා.

ජාතිවාදී, වර්ගවාදී ගැටුම් ඇතිකරන ප්‍රකාශ ඉවත්කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බව පැවසු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන එන බව කියා සිටියා. දැනට විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යවලට අදාළ නීති සමාජ මාධ්‍යවලට බලනොපාන බව පැවසූ ඔහු සමාජ මාධ්‍යවලට ද බලපාන ආකාරයට නීති සකස්කළ යුතු බවයි පැවසුවේ.

සමාජ මාධ්‍යවල ධනාත්මක හා සෘණාත්මක අංශ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.