Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් රුසියාවට දොස් කියු රාජ්‍ය ලේකම් දොට්ට දැමීම ගැන ජාත්‍යන්තරයේ දැඩි කතාබහක්




රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධූරයෙන් පහ කිරීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයාගේ පාලන තන්ත‍්‍රය පිලිබඳ ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ඩොනල්ඩ්  ට‍්‍රම්ප්  අමරිකාවේ ජනාධිපති ධුරයට පත්වී ගතවූ පළමු වසර තුලදී ඔහුගේ පාලනය යටතේ සිටි නිලධාරින් 40 දෙනෙකුට තනතුරු අහිමි වී ඇති බවයි. ඉන් 25 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර 09 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහකර තිබෙනවා.

ඒ අතර ජේම්ස් කොමී, මයිකල් ෆ්ලින් හා ස්ටීව් බැනන් යන ප‍්‍රබලයින්ද වීම විශේෂත්වයත්. තවත් 06 දෙනෙකු සේවය අතහැර ගිය පුද්ගලයින් අතරට සිටින නමුත් ඔවුන් සේවය අතහැර යාමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. මේ පිළිබඳව දැඩිව කතාබහට ලක්වූයේ ජනාධිපති ට‍්‍රම්ප් විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ ධූරයෙන් පහ කිරීමත් සමගයි.

බි‍්‍රතාන්‍යයේ රැඳී සිටින රුසියානු ජාතිකයින් දෙදෙනෙකුට රසායනික ප‍්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් මේදිනවල රුසියාවට චෝදනා එල්ල වනවා. ඒ පිළිබඳව රෙක්ස් ටිලර්සන්  ද රුසියාව සම්බන්ධයෙන් ඉකුත් දා ප‍්‍රකාශයක් නිකුත් කළ අතර ඉන් පැය 24ක් ගතවීමත් සමග ඔහුට සිය ධූරය අහිමිවුණා.