Saturday, April 27, 2024

General line - 0115112241

රජයේ සේවයට අලුතින් නිලධාරීන් 14000ක්?




ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගම්මාන 14,000ක් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නිලධාරීයෙක් පත් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවා. ඒ කුරුණෑගල මල්ලවපිටියේ ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහනට එක්වෙමිනි.

"ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගම්මාන 14,000ක් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නිලධාරීයෙක් පත්කරල කටයුතු කිරීමට ඇති හැකියාව ගැන රජය අවධානය යොමු කරනවා. එක්සත් ජාතිික පක්ෂය ආණ්ඩුවක් හැදුවත් පාක්ෂිකයන් වෙනුවෙන් තවමත් සාධාරණය ඉටුකරන්න බැරුව ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්නවා. දැන් අපිට කරන්න වෙන්නේ අපේ පාක්ෂිකයන් වෙනුවෙන් ලෝක මානව හිමිකම් සංවිධානවලට මේ ගැටලු ඉදිරිපත් කිරීම'' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන එහිදී පැවසුවා.