Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තු ඉහළට

චම්ලි ඒකනායක/ නිශාන් ද සිල්වා




ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන මස සිට මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ.

15%කින් ගාස්තු ඉහළ දැමී මට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

2018 අයවැය යෝජනා අනුව රජයේ සේවා ගාස්තු වැඩි කිරීමට අදාළව දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අදාළ නිර්දේශ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය ප‍්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම සදහා මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

අදාළ ගණනය සිදුකිරීම් සිදුකර ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත එම යෝජනා භාරදීමට නියමිත බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.  

දුම්රිය ගාස්තු වැඩි කිරීම් බලාත්මක වන්නේ කවදා දැයි නෙත් නිවුස් ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී එස් විතානගේ ගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ  2008 වර්ෂයේදී සියයට 20 කින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙතෙක් එම ගාස්තු වැඩි නොවූ බවයි. දුම්රිය ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැවතියද ඒ පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේ.

2017 ජුලි මස සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබුණා. ඒ එම වකවානුවේ ඉහළ දැමූ බස් ගාස්තුවට සාපේක්ෂවය. නමුත් එය සිදුවූවේ නැත.