Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ හැසිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක්

සමන්ත කුමාර




ක්‍රිකට් ක්‍රීඩකයින් මේ අයුරින් හැසිරීම අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක් වනු ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඊයේ (16) රාත්‍රියේ ආර්. පේමදාස ක්‍රීඩාංගනයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් නේත් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීතීන්ට අනුව, විනිසුරුවරුන්ගේ තීරණ කෙරෙහි ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට ක්‍රීඩකයකුට අවස්ථාව හිමිව නැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) තීරණය කළා.