Saturday, April 27, 2024

General line - 0115112241

අද ජිනිවාහි ශ්‍රී ලංකාව නියෝජනය කිරිම ගැන විදේශ කටයුතු අමාත්‍යංය කියයි




ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහභාගී වනවා. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට සරත් අමුණුගම, ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් ද අයත්.

ලබන 21වනදා ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතයි. ඒ සඳහා ද අමාත්‍යවරුන් සහභාගි වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

අදාළ කණ්ඩායමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් මෙන්ම ප්‍රතිසන්ධාන සම්බන්ධීකාරක ලේකම් කාර්යාලයේ හා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ පිරිසක් ද එක්වනු ඇති.

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් වන යාවත්කාලීන වාර්තාව ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරනු ඇති. ඒ, අනිද්දා (21) දිනයේදීයි.