Saturday, April 27, 2024

General line - 0115112241

අතුරුගිරියේ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




අතුරුගිරිය, ඔරුවල, ගල්වරුස පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේ මෙලෙස ඝාතනයට ලක්ව සිටින පුද්ගලයා සිය යතුරුපැදියෙන් යමින් සිටියදී ඝාතකයින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන්කර සිටිනවා.