Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි පැය කිහිපයේ තද වැසි සමග සුළං තත්ත්වයක් : ධීවරයින්ට අනතුරු අඟවයි

දිනුක් හේවාවිතාරණ




දිවයිනට නිරිත දෙසින් පවතින වළාකුළු පද්ධතිය සක්‍රීය විම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ධීවරයින් හට අනතුරු ඇඟවිමක් නිකුත් කර සිටිනවා.

මෙලෙස වළාකුළු පද්ධතියේ හදිසි සක්‍රීයත්වය හේතුවෙන් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් වලට ඉදිරි පැය කිහිපයේදී තද වැසි බලාපොරොත්තු වන අතර  සුළං වේගය පැයට කිලෝමිටර් 70-80 ත්  ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කර සිටින්නේ.

මෙම කාලගුණ තත්ත්වය නිසා නොගැඹුරු හා ගැඹුරු මුහුදේ ධිවර හා නාවික කටයුතුවල යෙදි සිටින පුද්ගලයින් දැඩ් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යකෂක ප්‍රදීප් කොඩ්ප්පිලි සඳහන් කර සිටිනවා.