Saturday, April 27, 2024

General line - 0115112241

සාකච්ඡා අසාර්ථකයි

ඩිල්ෂාන් මඩවල




සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරින් සමග ඊයේ (19) පැවති සාකච්ඡාද අසාර්ථක වූ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් පවසනවා. ඒ අනුව අඛණ්ඩව 21 වන දිනට අදත් වැඩවර්ජනය කරන බවයි ඔවුන් කියා සිටියේ. 

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට සාධනීය විසදුමක් අද (20) ලබාදෙන බවත් ඒ අනුව වැඩවර්ජනය අද (20) අවසන් වනු ඇති බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (19) කියා සිටියා. 

එහෙත් එම ප්‍රකාශය නිවැරදි නොවන බවයි වර්ජකයන් පවසන්නේ.
 
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් දැන් දින 21 ක් තිස්සේ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ද අඩාල වී තිබෙනවා.