Friday, April 26, 2024

General line - 0115112241

"අගමැතිගේ විශ්වාසභංගයට අත්සන් තැබුවොත් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇතිවෙයි "

හේමන්ත කහවල / සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට හෝ අනිද්දා දිනයේ භාරදීමට අද (20) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අදාළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේද අත්සන් ලබා ගත යුතු බවයි ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් මෙහිදී පෙන්වා දී ඇත්තේ. 

කෙසේවෙතත්, තවත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පෙන්වා දී ඇත්තේ විශ්වාසභංග යෝජනාවට එම පක්ෂ දෙකෙහි මන්තී‍්‍රවරුන්ගේ අත්සන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි. එසේ අත්සන් තැබුවහොත් එම මන්තී‍්‍රවරුන්ට ඔවුන්ගේ පක්ෂවලින් ගැටලූ මතුවිය හැකි බවයි එම මන්තී‍්‍ර කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.  

කුමන ආකාරයකින් හෝ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි මෙහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ.