Friday, April 26, 2024

General line - 0115112241

ජාතින් අතර අසමඟිය පැතිරු හිටපු හමුදා සෙබලා රිමාන්ඩ් - ෆේස්බුක් සමාගමටත් අධිකරණයෙන් නියෝගයක්

දිනුක් හේවාවිතාරණ




තම ෆේස්බුක් ගිණුම හරහා ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් වෛරී සහගත ප්‍රකාශ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබලෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද (20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුව ලබන මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කල අතර සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන මෙන් අදාළ සමාගමටද නියෝග කර තිබෙනවා.