Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ වෙඩි තැබු සැකකරුවන් අත් අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




පසුගිය කාලසිමාව තුලදි කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි වෙඩි තැබිමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700ක් සමග කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාෂය මගින් බොරැල්ල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වැනිදා කොළඹ කොටහේන, හෙට්ටියාවත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩ් තබා ඝාතනය කොට තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරිමේ සිද්ධ්යේ සැකකරුවන් දෙදෙනා බවට පොලිසිය ව්සින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඊට අමතරව මෙම සැකකරුවන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි මස 04 වෙනිදා ගමිපහ, උඩුගම්පල, කෙහෙල්බද්දර ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තබා  ඝාතනය කිරිම හා 2017 වසරේ නොවැම්බර් මස 29 වන දින මරදාන පොලිස් වසමේදි ත්‍රිරෝධ රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පුද්ගලයින් තිදෙනෙකුට තුවාල කිරිමේ සිද්ධියට සම්බන්ධ බවට කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාෂය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 31 හා 37ක් වයස් වල පසුවන අතර මේ වන විට අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග යටතේ වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.