Saturday, April 27, 2024

General line - 0115112241

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද අත්සන් නොකළ හේතුව මෙන්න

සජිත් තිලකරත්න




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා නැත.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම,

"මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජාතික නායකයා. ඔහුගේ අත්සන, ඔහුගේ පැමිණීම, ඔහුගේ ඡන්දය, සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට වඩා වැඩි බරක් තිබෙන, වටිනාකමක් තියෙන, අගයක් තියෙන එකක්. ඒක අවශ්‍ය වෙලාවට අපි පාවිච්චි කරන්නම්. ඒක ගැටළුවක් කරගන්න එපා. මේක කතානායකතුමාට බාර දෙන අවස්ථාවේදීත් එතුමා අපිට නායකත්වය දුන්නා."  

ජනතාව විසින් ආණ්ඩු පක්ෂය පරාජය කළ, පසුගිය පළාත් පාලන මැතිවරණයට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි වැඩිදුරටත් පැවසුවේ.