Friday, April 26, 2024

General line - 0115112241

තෙල්දෙණියේ ඝාතන සැකකරුවන් 04ට නීතීඥයින් නැහැ! තවදුරටත් රිමාන්ඩ්




මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04දෙනා ලබන අප්‍රෙල් මස 04වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් අද දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ප‍්‍රධාන සාක්ෂිකරුවන් නොපැමිණීම හේතුවෙන් එය කල් දැමීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටීම ද විශේෂත්වයක්. නඩුව කැඳවු අවස්ථාවේ තෙල්දෙණිය ප‍්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

මේ අතර තෙල්දෙණිය සිද්ධියෙන් හානියට පත් ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැංවීම සඳහා සියයට දෙකක සහන පොලියක් යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.