Friday, April 26, 2024

General line - 0115112241

ලෝක බෞද්ධ සන්ධානයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධූරය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට




රටවල්  28  ක  ආගමික   සංවිධාන  60  ක  සමාජිකත්වයකින්  සැදුම්ලත්  ලෝක  බෞද්ධ   මහා සන්ධානයේ මාධ්‍ය  අධ්‍යක්‍ෂ  ධූරය  ඉතිහාසයේ  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ‍්‍රී  ලංකාවට  ඉමහත්  කීර්තියක්  අත්කර  දෙමින්  එම  සන්ධානයේ විධායක  කමිටුව  විසින්  මෙම තනතුර  සඳහා  මෙවර  තෝරා  පත්  කර  ඇත්තේ  ”මෙත්තාවලෝකනය”  ජාත්‍යන්තර  බෞද්ධ සඟරාවේ  නිර්මාතෘ බුද්ධික  සංජීවයි.  

පුරා  වසර  18  ක  ආගමික කටයුතු   සම්බන්ධයෙන්  දේශීය   හා   ජාත්‍යන්තර  අත්දැකීම්   සමුදායකින්පිරි   බුද්ධික   සංජීව  මෙරට තනතුරු රැසක් ද මීට පෙර හොබවා තිබෙනවා. අභිනව  තනතුරට  අදාල  පත්වීමේ  ලිපිය  ලෝක  බෞද්ධ  මහා  සන්ධානයේ සභාපති  අතිපූජ්‍ය ආචාර්ය   පවතධම්මෝ   නායක   ස්වාමීන් වහන්සේ   අතින්   පසුගිය   දා   මියැන්මාරයේ මැන්ඩලේ  බගාන් නගරයේ  පිහිටි  බෞද්ධ  විහාරස්ථානයේ  දී  බුද්ධික  සංජීව වෙත පිළිගැන්විය.