Saturday, April 27, 2024

General line - 0115112241

ණය ගැන පනත් කෙටුම්පත විවාදයේ




සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් විවාදය ආරම්භ කළා.

” වැදගත් පනතක් අද ඉදිරිපත් කරන්නේ. මෙය අපේ රටේ රාජ්‍ය ණය කළමනාකරණය කර ගැනීමටයි ඉදිරිපත් කරන්නේ. ප්‍රධාන අභියෝගය වන්නේ ණයයි. බිලියන 4ක් පමණ ණය ආපසු ගෙවීම් කරන්න සිදුවෙලා තිබෙනවා. 20% ණය ප්‍රමාණය අද 80 % පමණ වැඩි වෙලා. සියලුම ගත් ණය එකම ණයක් නොවෙයි. සමහර අවස්ථාවල පොළී අයකරන්නේ නෑ. වානිජ ණය ගන්න පටන් ගත්තේ 2006-2007 වසරවල සිට. මේ ණය පැරණි ණයවලට වඩා වෙනස්. ගෙවන්න තියෙන කාලය එකපාර ගෙවන්න ඕන. මෙය අභියෝගයක්. රජයක් ගත්ත ණයක් නොගෙවා නෑ. කාලින ගෙවීම් අතපසු කර නෑ. ලෝකයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා. අලුත් පනත අවශ්‍ය වන්නේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒ පිළිබඳව කල්පනා කරලා, තීන්දුවක් දුන්නා, කිසිම ලෙසක අපේ ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා. පාර්ලිමේන්තුවේ මුදල් බලය සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා පේනවා. ව්‍යවස්ථාවට අනුකූලව ගේන පනතක්. දේශපාලන වේදිකාවල කියනවා, සංවර්ධනයට පමණයි ණය ගත්තේ කියලා, එය සත්‍යයක් නොවේ, එසේ නම් වත්කම් තියෙන්න ඕන. වත්කම් රෙජිස්ට්‍රි එක හදන්න ඕන. පසුගිය රජයට කරන්න බැරි වුණා. මේ පනතෙන් සිදු කරන්නේ ණය ගෙවන්න තියෙන අභියෝගය ජයගන්න මහ බැංකුවට අවස්ථාව සළසා දෙන එකයි. ණය කළමනාකරණයට අත්‍යාවශ්‍ය වූ නීතියක් “ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.