Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රංශයේ සුපිරි වෙළදසැලට කඩා වැදුණු තුවක්කුකරු මරා දමයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ/ හර්ෂිකා සංජිවනි




ප‍්‍රංශයේ දකුණු දිග ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට කඩා වැදුන තුවක්කුකරු මරා දැමූ බව ප‍්‍රංශය නිවේදනය කර තිබෙනවා. ඊට පෙර, තුවක්කුකරු විසින් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා ඇති අතර ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප‍්‍රංශ වාර්තා පවසන්නේ. සුපිරි වෙළෙඳසලෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් වැඩිදෙනා සහ පාරිභෝගිකයෝ තුවක්කුකරුගේ ග‍්‍රහණයෙන් මිදී පළා යාමට සමත්ව තිබෙනවා.
 
තුවක්කුකරු වෙළඳසැලට ඇතුළුවීමට පෙර ව්‍යායාමහි යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. තමා ඉස්ලාම්ය රාජ්‍ය සංවිධානයට අයත් බව තුවක්කුකරුවා පැවසූ බවයි ප‍්‍රංශ නීති නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ. 

...........................................................................

(23-03-2018 17:44)

ප‍්‍රංශයේ දකුණු දිග ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක් තුවක්කුකරුවෙක් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. එහි සිටි පිරිස තුවක්කුකරු විසින් ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධියෙන් එක් පුද්ගලයෙක් මේ වන විට මියගොස් තිබෙන බවයි.

අයි එස් සටන්කාමීන් මෙම සිද්ධිය පිටුපස සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ. 2015 වසරේ දී ජිහාඞ් සංවිධානයට සම්බන්ධ තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පැරිස් නුවර සුපිරි වෙළද සංකීර්ණයක සිටි සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.