Friday, April 26, 2024

General line - 0115112241

විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රී අගමැති හමුවෙයි

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ මාර්ගයෙන්.

කාදර් මස්තාන් මන්ත‍්‍රීවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති දැන ගැනීමෙන් පසු මෙම එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ඔහු සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව අග‍්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී තමන්ට යහපාලන ආණ්ඩුවෙන් කිසිදු සෙතක් සිදු නොවූ බව මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. බොහෝ දුරට විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ කාදර් මස්තාන් මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

වන්නි දිස්ත‍්‍රික්කය නියෝජනය කරන කාදර් මස්තාන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙක්. ඔහු මේ වනවිට ජනාධිපතිවරයා සමග පකිස්තාන සංචාරයට එක්ව සිටිනවා.