Friday, April 26, 2024

General line - 0115112241

විශ්වාසභංගයත් සමග අගමැති තනතුරට නම් තුනක් යෝජනාවෙයි

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජයට පත්වුවහොත්, අග‍්‍රාමාත්‍ය ධුරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ සඳහා ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි සඳහන්. ඒ අතරින් පෙරමුණේ පසුවන්නේ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එස් බී දිසානායක යන අමාත්‍යවරුන්. 

මේ අතර අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් වුවහොත් ඒ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ නම ද යෝජනා වී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඊට විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.