Friday, April 26, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි




2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ (23) සමත් වුණා. ඒ, අයර්ලන්ත කණ්ඩායම කඩුලූ 05කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209ක්.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා. ඇෆ්ගනිස්තානය ජයග‍්‍රහණය කරා රැගෙන ගිය මොහොමඞ් ශෙෂාඞ් ලකුණු 54ක් රැස් කළ අතර ගුල්බ්දීන් නයිබ් ලකුණු 45ක් රැස් කළා. තරගය පැවැත්වුණේ හරාරේ නුවරදීයි.