Saturday, April 27, 2024

General line - 0115112241

කිරිපිටි මිල ඉහල දැමීමට අවසර

ඩිල්ෂාන් මඩවල




ළඳරු කිරිපිටි හැර සෙසු කිරිපිටි වර්ගවල මිළ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 80කින් වැඩි කිරීම සදහා අවසර ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔවුන් විසින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියටද ඒ බව දැනුම් දී ඇති බවයි දැනගන්නට ලැබුණේ. 

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිළ වැඩි වී ඇතැයිද ඒ අනුව මෙරට වෙළඳපොළේද කිරිපිටි මිළ වැඩි කි්රීමට අවසර ලබා දෙන්නැයි ආනයන සමාගම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. ළඳරු කිරිපිටි හැර සෙසු කිරිපිටි වර්ගවල මිළ වැඩි කිරීම සදහා අවසර ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත්තේ ඒ අනුවයි. 

මීට අදාළ ගැසට් නිවේදනය බොහෝ විට ලබන සතිය තුල නිකුත් කෙරෙනු ඇතැයි විශ්වාසය පල වනවා.