Friday, April 26, 2024

General line - 0115112241

මීගමුවෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් ප්‍රංශ මුහුදු සීමාවේදී පාවෙමින් සිටියදී බේරාගත් මෙහෙයුම

නිශාන් ද සිල්වා




ප්‍රංශයට අයත් රීයුනියන් දූපත ආසන්නයේදී අනතුරකට ලක්ව මුහුදේ පාවෙමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනෙකු එරට නෞකාවකින් බේරාගෙන තිඛෙනවා. කෙසේ වෙතත් ඔවුන් ගමන් කළ බහුදින ධීවර යාත්‍රාව පිළබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහි සෝදිසි මෙහෙයුම් සහකාර අධ්‍යක‍ෂ පත්මප්‍රිය තිසේරා කියා සිටියේ බේරා ගැණනු ධීවරයන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඔවුන් දැනට රීයුනියන් දූපතේ රදවා සිටින බවද ප්‍රකාශ කළා.  

මෙම ධීවරයන් පිරිස ඉකුත් පෙබරවාරි මාසයේදී මීගමුවෙන් මුහුදු ගොස් ඇති බවයි නෙත් නිවුස් වැඩිදුරටත් කළ සොයා බැලීමේදී දැනගන්නට  ලැබුනා.