Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව හා ශ්‍රි ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් - කාලසටහන මෙන්න

දිනුක් හේවාවිතාරණ




එක්දින තරග පහක් සහා එක් විස්සයි 20 තරගයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේදී පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) නිවේදනය කළා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 12 වෙනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්විමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය කොළඹ සිංහල ක්‍රිඩා සමාජ ක්‍රිඩාංගනයේදි ජුලී 20 වෙනිදා පැවැත් විමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින තරග දෙක පිළිවලින් ජුලි 29 සහ අගෝස්තු 01 වෙනිදා දඹුල්ල රංගිරි දඹුළු ක්‍රිඩාංගනයේදි පැවැත් විමට නියමිතය. 

තරග දෙකක් මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදි පැවැත්විමට නියමිත වන අතර අවසන් එක්දින තරගය සහා විස්සයි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දි පැවත්විමට නියමිතයි. තරග කාලසටහන