Friday, April 26, 2024

General line - 0115112241

වැලිකන්දේ මාරක අනතුර (PHOTOS)

රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොළොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප‍්‍රදේශයේදි අද (13) අළුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාලමක් මත නවතා තිබූ කැබ් රථයක පිටුපසින් පැමිණි ලොරියක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. පසුව කැබ් රථය ඇළකට පෙරළී තිබෙනවා.

මියගොස් ඇත්තේ ලොරියේ පැමිණි පුද්ගලයෙකු සහ කැබ් රථයේ සිටි කාන්තාවක්. ලොරියේ සිටි තවත් පුුද්ගලයෙකු, කැබ් රථයේ සිටි තවත් කාන්තාවන් තුන් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කැබ් රථයේ සිටි සියළු දෙනා වත්තල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ලොරියේ පැමිණි අය වාලච්චේන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.