Friday, April 26, 2024

General line - 0115112241

රුසියාව එරෙහි වෙද්දී අමෙරිකාවේ සහයට ඊශ්‍රායාලය පැමිනෙයි (VIDEO) (UPDATE)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් සිරියාවට එල්ල කල මිසයිල ප්‍රහාරයන් රැසක් උඩු ගුවනේදීම විනාශ කිරීමට සිරියානු හමුදාවන්ට හැකිවූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. 

වාර්තා වන පරිදි අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විසින් සිරියාවේ හදුනාගත් ඉල්කක 03 ක් වෙත මිසයිල ප්‍රහාරයන් 110 ක් පමණ එල්ල කර තිබෙන අතර ඉන්  බහුතරයක් සිරියානු ගුවන් යාන නාශක පද්ධතිය විසින් උදුගුවනේදීම විනාශ කිරීමට සමත්ව තිබෙනවා. " විශාල මිසයිල සංඛ්‍යාවක් අපි විනාශ කලත් සමහරක් මිසයිල ඔවුන්ගේ ගේ ඉලක්කයන් සාර්ථක කර ගත්තා" යනුවෙන් සිරියානු හමුදා ප්‍රධානියෙක් විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබුනා.

මෙම ගුවන් යානා ආරක්ෂක පද්ධතිය රුසියාව විසින් සිරියානු හමුදාවන්ට ලබා දුන් බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා පලවී තිබුනා.

මේ අතර රුසියානු ජනාධිපති වැල්දමිර් පුටින් සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරයන් පිලිබදව සිය කණගාටුව මෙන්ම නොසතුට පලකර තිබෙනවා. " මෙය ස්වෛරි රාජ්‍යයකට එල්ල කල ආක්‍රමණශීලි ප්‍රහාරයක් ලෙසයි රුසියානු ජනාධිපතිවරයා හැදින්වුයේ. 

කෙසේ නමුත් අද (14) අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් සිරියාවට එල්ල කල ගුවන් ප්‍රහාර වලින් සිවිල් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බව සිරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායාලය සහ ඔස්ට්‍රේලියාව නිවේදනයන් නිකුත් කරමින් මිට සුළු මොහොතකට පෙර කියා සිටියේ සිරියාවට එරෙහි මෙහෙයුම් සඳහා අමෙරිකාව ඇතුළු මිත්‍ර සන්ධානයට තම සහය ලබා දෙන බවයි.

සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාරයන්ට එක්වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිය මෙහෙයුම් පිලිබඳ දැක්වෙන වීඩියෝ පටයක් සහ ජායාරුප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුනා.  

................................................................................................................................................................

සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි (VIDEO) (UPDATE) (14-04-2018 09:18)

අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. 

මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.

මේ අතර සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග ඉදිරියේ ඇතිවන තත්ත්වය මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරනවා.

 

 

-----------------------------------

අමෙරිකාව පළමු ප්‍රහාරය සඳහා යොදා ගත් අධි ප්‍රහාරක යානා මෙන්න - ඉදිරි පැය කිහිපය තීරණාත්මක වෙයි (VIDEO) 

(14-04-2018 08:34)

 

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියාවේ ඒකාධිපති පාලක බශාර් අල් අසාද් ගේ හමුදාවන් සහ ඔවුන්ගේ හමුදාවන් යටතේ පාලනය වන විෂ රසායනික ගබඩාවන් ඉලක්ක කර ගනිමින් අද (14) සිට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

සිරියාවට එරෙහිව අමෙරිකාව ඇතුලු ඒකාබද්ධ මෙහෙයුම් සදහා බි-1 වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රහාරක නැවු යොදා ගන්නා බවට අමෙරිකාවේ උසස් හමුදා නිළධාරියෙක් CNN ප්‍රවෘත්ති සේවයට කියා තිබෙනවා.

"අද දවසේ විතරක් එල්ල වන ප්‍රහාරය ගැන හිතන්න එපා. මෙය මෙතනින් අවසන් නොවෙන බවයි කිමට ඇත්තේ" අමෙරිකානු හමුදා ප්‍රධානියා CNN වෙත වැඩිදුරටත් කියා තිබෙනවා.

ඉදිරි පැය 24 ගැන අපි ඉතා අවධානයෙන් පසුවනවා. මන්ද සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කිරිමත් සමග රුසියාවේ හැසිරිම කොයි වාගේද කියා අපි විමසිල්ලෙන් බලා සිටිනවා යැයි අමෙරිකාවේ උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙක් මෙහිදි කියා තිබුණා.

සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් ගැන බ්‍රිතාන්‍යයේ සහභාගිත්වය මිට සුළු මොහොතකට පෙර අගමැතිනි තෙරේසා මේ විසින් තහවුරු කරනු ලැබුවා.

මේ අතර අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසින් සිරියාවට එරෙහිව ප්‍රහාර එල්ල කලහොත් එහි විපාකයන් ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකාවේ රුසියානු තානාපති ඇනටොලී ඇන්ටොනෝ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා තිබෙනවා.

මේ වන විට අමෙරිකාව විසින් රතු මුහුදේ ස්ථානගත කර තිබෙන සිය යුද නෞකාව භාවිතා කරමින් සිරියාවේ හඳුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

 

(අදාළ ප්‍රහාරක යානා පිළිබඳ කලින් සැකසුණු වීඩියෝවක් පහතින් දැක්වෙයි)