Friday, April 26, 2024

General line - 0115112241

අලූත් අවුරුද්දේ ශ්‍රී ලංගමට අතමිට සරුයිලු

සජිත් තිලකරත්න




අලූත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මස 6වනදා සිට අප්‍රේල් 13 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය උපයා ඇති ආදායම රුපියල් මිලියන 97ක්.

2017 වසරේ එම කාලසීමාවේදී ලංකා ගමනා ගමන මණ්ඩලය උපයා ඇති ආදායම  රුපියල් මිලියන 85ක් වනවා.

මේ අතර අධිවේගී මාර්ග වලින් උපයා ඇති වැඩිම ආදායම පසුගිය 11වනදා වාර්තා වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එදින දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් හා කටුනායක අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3කට ආසන්නයි.