Saturday, April 27, 2024

General line - 0115112241

ජපන් අග‍්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ සංචාරයක

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දෙදින නිල සංචාරයක් සඳහා ජපන් අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ අමරිකාවට අද (17) පැමිණීමට නියමිතයි. එහිදී ජපන් අග‍්‍රාමාත්‍යවරයා සහ අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර ද්විපාර්ශවික් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ ඉදිරියේදී අමරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් නායකයින් දෙපළ දීර්ග වශයෙන් සාකච්ඡා කරනු ඇති. ෆ්ලොරීඩාහි පිහිටි ජනාධිපති ට‍්‍රම්ප්ට අයත් තරු පන්තියේ සුපිරි හෝටලයක මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.