Saturday, April 27, 2024

General line - 0115112241

ලොව විශාලාතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ගොඩබස්වයි (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ




ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 (මිරියා) ගුවන් යානය මිට සුළු මොහොතකට පෙර මත්තල ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩලය 27 ක් වන අතර ඔවුන් විසින් මෙරටට පැමිණ ඇත්තේ යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සහ කාර්යමණ්ඩලයට විවේකයක් ලබා ගැනීමට බව මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපලේ ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සුරිය වෙත සදහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙරටට පැමිණි පළමු අවස්තාව මෙය බවයි. 

ඇන්ටනෝව් 225 (මිරියා) ගුවන් යානය අද මධ්‍යම රාත්‍රියේදී යලි පාකිස්ථානයේ කරචිචී නුවර බලා ගමන් කිරීමට නියමිතයි.