Friday, April 26, 2024

General line - 0115112241

ජනපති ආපසු කරන දේ දළදා වඳින්න ගිය ගමනේදී අගමැති පවසයි




සාමයත් සන්හිඳියාවත් ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවර ශ‍්‍රි දළදා මාළිගාව වැද පුදාගෙන මල්වතු අස්ගිරි මහණාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.  

"ආණ්ඩුව විසින් කරපු ව්‍යාපෘති සමහරක ප්‍රථිඵල ලබා ගන්නා කිලයක් මේ. සමහර ව්‍යාපෘති අවසන් කරන්න තියෙනව. අලුතින් ව්‍යාපෘති කිහිපයක් පටන් ගන්න තිබෙනවා. මේ ගැන අපි සාකච්ඡා කරමින් පවතිනවා. ජනාධිපති තුමා ආවාම අලුත් වැඩසටහනක් අරගෙන අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා." යැයි අග්‍රමාත්‍යවරයා පැවසුවා.